
අලි පැටවා විදුලි රැහැනට බිලි
පොළොන්නරුව, වැලිකන්ද, මැණික්දෙණිය ගම්මානයේ ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු හතක් පමණ වන වන අලි පැටවකු මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

පොළොන්නරුව, වැලිකන්ද, මැණික්දෙණිය ගම්මානයේ ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු හතක් පමණ වන වන අලි පැටවකු මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්‍රධාන නගර 03 ක සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ( Enter Air ) ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ( Inogaral Flight ) ආරම්භ කරමින් , එරට සංචාරයකයන් 550 දෙනකු රැගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

යාපනය මහනුවර ඒ 9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය.

නඩු භාණ්ඩයක් ලෙස ගිනිගත්හේන පොලිස් භාරයේ තිබූ වල් ඌරෙකුගේ මළකුණක් ගිනිගත්හේන පශු වෛද්‍ය කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මස් පිණිස හෝටලයකට අලෙවි කළ බව කියන එම පොලිසියේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

විදුලි බිල සංශෝධනයක් අවශ්‍ය නැති බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම (NSO)පැහැදිලිවම දන්වා තිබියදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජන මත විමසුමකට යෑම නිකරුණේ මුදල් නාස්ති කරන වැරදි ක්‍රියාවක් බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය පවසයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජයේ මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කාවන්තිස්ස දළ ඇතා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන සහ කාවන්තිස්ස ඝාතන සිද්ධියට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින මීගලෑව වනජීවි අඩවි ආරක්ෂකවරයාට එළැඹෙන 19 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා නියෝග කළේය.

භාර (සංශෝධන) පනත් කෙටුම්පත සහ රුපියල් කෝටි 421 කට වැඩි මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (05) සම්මත විය.

හොඳ තීන්දුවක් දීමට නම් විනිසුරයකුගේ පලපුරුද්ද සහ ප්‍රායෝගික ඥානය අවශ්‍ය බව තමා තදින්ම විශ්වාස කරන බවත් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසවන්තභාවය සුරැකීම සඳහා විනිසුරුවරයාගේ චරිතය ඔහුගේ අපක්ෂපාතීත්වය මෙන්ම ඥානයද බලපාන බවත් අභිනව අභියාචනාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සාම්ප්‍රදායික සිය පිළිගැනීමේ උත්සවය අමතමින් පැවසීය.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් පැය 72 ක රඳවා ගැනීමේ කාලය පැය 48ක් දක්වා අඩු කිරීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 790ක් හෙවත් රුපියල් කෝටි 79 ක් පමණ වටිනා විදේශීය සිගරැට් තොගයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (5) භාරයට ගත්තේය.

මීගමුව, බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරින් දහයක් සහ රැඳවියන් 21 ක් ඇතුළු 32 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතින් සැකකරුවන් 17 දෙකු නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 දී ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂමව සැලසීම සඳහා මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිස් ස්ථාන තුළදී මියයාම සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් පුරවැසි සංවිධානය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, අධ්‍යාපන ලේකම්වරුන්ට, අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අපදෙස් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර අැත

මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ භාවිතයට සම්බන්ධ වන කිසිදු නිලධාරියෙකු පොලිස් සේවයේ තබා නොගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය

නිෂ්චිත මූල්‍ය කටයුතු 8ක් සඳහා නොවැම්බර් 1 වැනිදා සිට අනිවාර්ය කළ බදු ගෙවන්නා හදුනාගැමේ අංකය හෙවත් ‘ටින් අංකය’ අනිවාර්ය කිරීම ලබන වසරේ (2027) වසරේ අප්‍රේල් මස 1 වැනිදා දක්වා කල්දැමූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.