
කතානායක විශ්වාසභංග විවාදයේ දින තීරණය හෙට
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (16) තීරණය කිරීමට නියමිතය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (16) තීරණය කිරීමට නියමිතය.

මේ වනවිට කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක සුවපහසු මෙට්‍රෝ බස් සේවාව මහනුවර ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙට් රෝබස් රථයක් උපයෝගී කරගෙන විශේෂ පෙරහුරු චාරිකාවක් අද මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කළේය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ හිතාමතාම මහජනතාව නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ සෝඩා බෝතල් අලෙවියට තැබූ ඇල්ල ප්‍රදේශයේ වෙළඳ ආයතනයකට රුපියල් 260,000ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

රුපියල් කෝටි ගණනක වටිනාකමක් ඇතැයි උපකල්පනය කළ හැකි මැණික් තොගයක් මෙරටින් පිට කිරීමට සූදානම්ව තිබියදී කොළඹ තැපැල් හුවමාරුවේදී නතර කරගත් බවත් එම මැණික් අඩංගු පාර්සල් මෙම මස 22 වැනිදා විවෘත කර පරීක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ’ලංකාදීප’යට පැවසීය.

දැදුරුඔය ඉහළ සහ මධ්‍යම ජලධාරා ප්‍රදේශ වෙත පැවැති අධික වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (15) උදෑසණ සිට යළි විවෘත්ත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනතාව වෙත රැගෙන යාමේ පුරෝගාමි පාර්ශ්වකරුවෙකු වන්නේ රටේ ජනමාධ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන එළැඹෙන මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට සහාය විය හැකි ක්‍රම කීපයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජේන් - චන්ද්‍රා මහත්මිය අච පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය බදු දීමේ ක්‍රිෂ් ගනුදෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කර ගැනීමට පොලිසිය සිදුකරන විමර්ශනයන්ට ඕනෑම අවස්ථාවක සහාය ලබාදෙන බව අදාල මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක හිමිකාර ව්‍යාපාරිකයකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ The Church of Jesus Christ of Latter-day Saints (Latter-day Saint Charities) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක (Oncology) ඖෂධ තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා මහනුවරින් ආරම්භ කළ පා ගමනේ අවසන් දිනය වූ අද දින, මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ කල්‍යාණි සාමාග්‍රී සංඝ සභාවේ අනූනායක හිමියන්ගේ ආශිර්වාද අනුශාසනා මධ්‍යයේ කඩවතින් ආරම්භ විය.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින දිගුකාලීන ආරවුලක් මත දරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු කොටහේන ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසල් ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන්, 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. එම 18 දෙනාගෙන් 17 දෙනකු අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් බවත්, ඉතිරි තැනැත්තා ගුරුවරයකු බවත් පැවැසෙයි.

සියලුම මාර්ගයන්හි මගී දුම්රියන් අරක් ගෙන සිටින යාචකයන් සහ විවිධ වෙළඳුන් හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වෙති.

චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, නව පාලමක් විවෘත කෙරුණි. මෙම පාලම විවෘත කෙරුණේ වසර ගණනාවක ප්‍රමාදවීම්වලින් පසුව වීම විශේෂත්වයකි.

වැලිගම කප්පරතොට වෙරළතීරයට ආසන්නව සඟවා තිබු මත් කුඩු බවට සැකකරන කුඩු කිලෝ 120කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

විදුලි බල හා බලශක්ති හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පෙරේදා (13) පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කර ගත්තේය.

ව්‍යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය තිදරු මවක අද (14) පස්වරුවේ සැඩ දියපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතයි කැප්පෙටිපොළ පොලිසිය පවසයි .