
පළාත් රැසකට හෙට සවස තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ නාය යාමේ අවදානමක් හේතුවෙන් හෙළකන්ද අමුපිටියාවත්ත ප්‍රදේශයන්හි ජීවත්වූ පවුල් කීපයක් මේ වන විට තම නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

දිවයිනේ ජාතික සහ පළාත් පාසල්වල මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 111 (1) (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනි දින සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය.

දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

සැකකටයුතු අන්දමින් ගෙළ වැළලාගෙන මියගිය බව කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව විවෘත අධිකරණයේදී පැවසු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දෙන බවද පැවසීය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර අැත

බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේලා නඩු කටයුතු ආදිය සඳහා බන්ධනාගාරයෙන් පිටතට වැඩම කරවීමේදී චීවරය සහිතව වැඩම කරවිය යුතු යැයි බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කළ යුතු බවට අදාළ කමිටුව නිර්දේශ කර තිබේ.

2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන 16 වැනිදා සිකුරාදා පැවැත්වේ.

හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැදවා ඇත.

ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නිදහස ලබාදීම ගැන සෞදි අරාබි රජයට අවංක කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් සටහනක් තබමින් සඳහන් කරයි.

බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබීය.

සිරගතවූ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමේදී අනුගමනය කළ යුතු විධිවිධාන බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග 550 හි පැහැදිලිව දක්වා තිබියදී රජය කමිටු පත් කළේ කුමටදැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

ග්‍රීසියේ ඇමෙරිකා තානාපතිනිය කිම්බර්ලි ගිල්ෆොයිල්ට වහාම සිය ධුරයෙන් ඉවත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.

යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහි සටනේ දී සෞදියට සහාය දැක්වීමට තමන් කැමැති යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට පවසා ඇති නමුත්, සෞදි කුමරු ඊශ්‍රායලයෙන් සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ශුද්ධෝත්තම, 16 වැනි ලියෝ පාප්තුමන්ගේ දකුණු පෙණහල්ලේ තිබූ කුඩා ගැටිත්ත, ඉවත් කළ බවත්, එම සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිවේදනය කළේය.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන කොළඹ බ්ලූමැන්ඩල් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.