
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 7 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ඇලකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අද (10) අලුයම 4.45ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 7 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ඇලකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අද (10) අලුයම 4.45ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.

Eleven units of thermometers were donated to government officials and public representatives during an event held on September 9th, alongside 70 other items and a contribution valued at 6,000 rupees. The distribution was carried out by a senior government minister in the presence of local administration representatives.

නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අද (10) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මගී ජනතාවගේ පරිහරණය වෙනුවෙන් විවෘත කෙරුණා. දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් ‘සිහින ගමනාන්තය’ නම් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය

විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වන විදේශගත ශ්‍රමිකයින් සඳහා ලබාදෙනු ලබන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළට දැමූ බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (10) පැවසුවා. මෙය විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමට හැකිවූ විශාල සහනයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (10) නුවරඑළියේ සංචාරයක නිරතවනවා. එහිදී ඔහු සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට එක්වීමට නියමිතයි.

කළුබෝවිල - විමලසිරි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (09) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, කිසිවෙකුටත් හානියක් නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම ත්‍රිරෝද රථ රියැදුරෙකු ඉලක්ක කර සිදුකර ඇති බවට පොලීසිය සඳහන් කරනවා.

ඩුබායි සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අමෙරිකාව සහ ඉරානය අතර සිදුවන නවතම ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, අද දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 99.45ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2කට වැඩි ඉහළ යාමක්.

දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (09) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙසේ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වාහන අංක තහඩු පිළිබඳව පවතින ගැටලු ඉදිරි මාස හය ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මේ බව අවධාරණය කළා

ඉදිරි වසර 10 තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI මගින් මිනිසාගේ පැවැත්වීම සම්පූර්ණයෙන්ම විනාශවීමේ සම්භාවිතාව සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයක් පවතින බව AI සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අමෙරිකානු සමාගමක ප්‍රධානියෙකු පෙන්වා දී තිබෙනවා. පරීයේෂකවරයෙකු වන ඊවන් හුබිංගර් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පාලටුව උනැල්ල හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඊයේ (8) දින පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අකුරැස්ස සිට මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ මාතර සිට අකුරැස්ස දෙසට ධාවනය වූ තවත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී මගී ප්‍රවාහන බස් රථ, කාර්ය මණ්ඩල ප්‍රවාහනය බස් සහ වෑන් රථ මෙන්ම පාසල් ප්‍රවාහන හා දුරගමන් චාරිකාවල යොදවා ඇති රථ කිලෝමීටර් 5000ක ගමන් දුර ඉක්මවීමට පෙර හෝ මාස තුනකට අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථ වාහන යෝග්‍යතා සහතිකයක් ලබා ගත යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. පාර්ලිමේන්තුව අමතමින් අද (08) අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ප්‍රමුඛතම කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 3ක් ඉවත් කිරිම සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකළ බව බදුරලිය ක්‍රිඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා පවසනවා. බදුරලිය ක්‍රිඩා සමාජය ඇතුලු ක්‍රිඩා සමාජ 3ක් ප්‍රමුඛතම කාණ්ඩයෙන් පහත හෙලන බව ක්‍රිඩා අමාත්‍යාවරයා දැනුම් දී ඇති අතර එය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු පවසන්නේ.

160 වන පොලිස් දිනයට සමගාමීව, ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව සඳහා වන අයිතිවාසිකම් සුරැකීමේ සහ පහසුකම් පුළුල් කිරීමේ පියවරක් ලෙස, 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp සමාජ ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ සුරතින් නිල වශයෙන් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මෙම ව්‍යාපෘතිය අනිද්දා (10) දින සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද පොලිස්…

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීම සඳහායි.

67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා. පසුගිය වර්ෂයේ සිට මේ දක්වා භාෂාත්‍රයෙන්ම මුද්‍රිත ග්රන්ථ 1500කට අධික ප්‍රමාණයක් මෙම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කෙරුණා.