
තඩි කිඹුලෙක් කරදියාන පාලම ආසන්නයේ
බෝකුන්දර - රත්මලාන මාර්ගයේ කරදියාන පාලම ආසන්නයේ මාර්ගයට ඊයේ (20) රාත්‍රී විශාල කිඹුලකු පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

බෝකුන්දර - රත්මලාන මාර්ගයේ කරදියාන පාලම ආසන්නයේ මාර්ගයට ඊයේ (20) රාත්‍රී විශාල කිඹුලකු පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ජපානයේදී දැන් පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙවත් රන් පදක්කම් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

පවතින අධික වර්ෂාවත් සමග මාර්ග සහ පහත් බිම්, පාසල් බිම් වැසි ජලයෙන් යටවීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් පවත්වාගෙන යාමේ බලය ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට පැවැරූ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්. දිසානායක මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව , රාජ්‍ය විශ්වවිද්‍යාල , රාජ්‍ය ආයතන , පෞද්ගලික විශ්වවිද්‍යාල , පෞද්ගලික ආයතනයන්හි විවිධ නිලතල මෙන්ම නම්ද සහිතව මුද්‍රා ව්‍යාජ ලෙස සකස්කර සහතික නිකුත් කළ බව කියන පුද්ගලයකු සමග විවිධ ආයතන සහ නිලධාරීන්ගේ තනතුරු සඳහා භාවිතා කරන මුද්‍රා 50 ක් ඇතුළු මුද්‍රණ යන්ත්‍ර කිහිපයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සදහන් කරයි.

මත්ද්‍රවය යොදා බෝලයක් වැනි ආකාරයෙන් පාර්සලක් තනා වැලිකඩ කාන්තා රැඳවියන්ගේ බන්ධනාගාර පරිශ්‍රය තුළට විසි කිරීමට සූදානමින් සිටි පුද්ගලයකු ටි 20 වත්ත රේල් පාර අසලදී අත්අඩංගුවට ගත් බව සහස්පුර පොලිසිය සඳහන් කරයි.

මරදාන දිසා ගබඩාව අසලදී ගුටි බැට හුවමාරු කරගත් කොස්තාපල්වරුන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි මරදාන පොලිසිය සඳහන් කරයි.

පළාත් රැසක අද හැළුණු තද වර්ෂාවෙන් කෑගල්ලේ එක් අයකු මියගොස් කාන්තාවක අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි.

එළඹෙන අයවැය ලේඛනයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන්නට බලාපොරොත්තු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේදී පැවසීය.

පවතින අධික වර්ෂාවත් සමග අගලවත්ත, දෙල්පේ , හල්ඔවිට ප්‍රදේශයේ නිවසකට කාමරයක බිම නිදා සිටි පහළොස් හැවිරිදි පාසල් සිසුවකු අකුනු සැර වැදී මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

යේමනයේ හූති සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර යුදගිනි ඇවිළීමත් සමග උග්‍ර වී ඇති මැද පෙරදිග අර්බුදය අවසන් කිරීම කොන්දේසි හතක් ඇමෙරිකාවට බාරදී තිබෙන බවත් එයට ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය ලැබෙන තුරු බලා සිටින බවත් ඉරාන උත්තරීතර ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී මොහ්සෙන් රේසායි ඊයේ (19) ප්‍රකාශ කළේය.

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට හෙට (21) බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට (20) දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක පිහිටි නිවාස රැසක යට වීම හේතුවෙන් පවුල් 100ට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නිළධාරියෙක් පැවසිය.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ පහත්බිම්වල පිහිටි ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවී ඇතැයි පසාල් ප්‍රකාශකයෙක් කීය.

හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයට අද උදෑසන 11:00ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුල ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කරයි.

මහයියාව උමං මාර්ගයේ වැඩ 80%ක් අවසන් කර ඇති අතර දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීම ඉලක්කය බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

(සුජිත් හේවාජුලිගේ) යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ නායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව එම පක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය පක්ෂ නායකත්වය වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා එහි සඳහන් කර ඇත්තේ, යෝජිත සංශෝධනයට එරෙහිව සමාජය දැනුවත් කරමින් ප්‍රබල මහජන කතිකාවක් ගොඩනැගීම සඳහා… ඒ…

තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට දහවල් එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

කූට ලේඛන සැකසීම සඳහා අන් සතු ගුවන් ගමන් බලපත්‍ර 48 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය සඳහන්කරයි.

ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (20) දින අලුයම ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත.