
ගැටුමට සම්බන්ධ තවත් අය ඇත්නම් උසාවි ගේන්නඅනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශාසනයෙන් නෙරපා ඇති බව කියන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා නියෝග කළේය. සැකකාර සද්ධාරතන නමැත්තා සමග අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනෙකුත් සිවිල් සැකකරුවන් […]

රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සල් පරිශ්රයේ මාරාන්තික උපවාසයක් පැවති ස්ථානයට අයුතු ලෙස ඇතුල්වී කලහකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ මාරාන්තික උපවාසය නිරතව සිටි බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට අඩන්තේට්ටම් සිදුකර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශාසනයෙන් නෙරපා ඇති බව කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්

Rajangane Saddharathana remanded until Nov. 26 News - Newswire