
බදුල්ලේ විසිපන්දහසක් උග්‍ර පානීය ජල ගැටළුවක
එල්නිනෝ බලපෑම නිසාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 6653ක පුද්ගලයන් 25413ක් උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පවසයි .
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

එල්නිනෝ බලපෑම නිසාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 6653ක පුද්ගලයන් 25413ක් උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පවසයි .

යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා හෙට(14) සිට මාසයක කාළයකට තාවකාලිකව වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ සභාගර්භයේ පාවිච්චිය සඳහා පසුගිය වසර තුනේදී දුන් වාර්තා සහ ලේඛන වෙනුවෙන් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වැය කර ඇතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකා ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නේය.

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සංවිධාන කළ ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග පිළිබඳ විද්වත් සංවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකේදී වෙනත් ගමන් බිමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු රේගුවේ උසස් නිලධාරියෙකු විශ්‍රාම යැමෙන් පසු ආණ්ඩුවේ ලොකු පුටුවකට පත්කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේය.

කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

රට පුරා තැන තැන කරන වෙඩි තැබීම් සහ බෝම්බ ගැසීම්වලට සම්බන්ධ වන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා විගණනයට ඉදිරිපත් කිරීම කාලයක් තිස්සේ පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතීපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දී ඇත.

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් විය.

එල් නිනෝ දේශගුණික තත්වයත් සමග වියළි කලාපයේ නියඟයට මුහුණදී සිටින පවුල්වලට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට තිබෙන හැකියාව ලබන ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී තවත් පිරිහීමේ අවදානමක් පවතින බව ආහාර සුරක්ෂිතතා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සිය නවතම වාර්තාව මගින් පසුගියදා අනතුරු ඇඟවූවේය.

මාළදිවයිනේ පැවති ’’ ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය - 2026 ’’( Food And Hospitality Asia , Maldives Culinary Competition - 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගෙන ඔවුන් දිවයිනට පැමිණියහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු නේවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලකින් ඇද වැටි බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ඩුබායි සිට මෙරට රැගෙන ආ ශිරාන් බාසික් නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට අගතියක් වන ’’මඩ පෝස්ටරයක්’’ මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලේ නීතිපති උපදෙස් පෙබරවාරි 05 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමගම මෙම වසරේ මේ දක්වා බෝම්බ ප්‍රහාර පහක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

’’වසර දෙකයි රටට සුබයි’’ යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික් රැළි හෙට(12)සහ අනිද්දා (13) පැවැත්වේ.

පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු එම කමිටුවෙන් අද ඉවත් වූහ.