
🔴 Budget 2027 live updates
Full Budget 2027 speech delivered by President AKD (Download) News - Newswire
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

Full Budget 2027 speech delivered by President AKD (Download) News - Newswire
සෞඛ්‍ය සේවයේ පවතින පැරණි ගිලන් රථ වෙනුවට නව ගිලන් රථ ලබාගැනීම සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 3ක් වෙන්කර තිබේ. දැනට සෞඛ්‍ය සේවයේ ගිලන් රථ 400ක් පමණ වසර 20කට වැඩි කාලයක් භාවිත කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ සහාය ඇතිව 2027 වසරේදී තවත් ගිලන් රථ 100ක් සෞඛ්‍ය සේවයට එක් කිරීමට ද නියමිතය.
ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුවිය හැකි අවශ්‍යතා සඳහා පෙර සූදානම් වීම වෙනුවෙන් 2027 අයවැයෙන් රුපියල් බිලියන 5ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

Free dual citizenship proposed for spouses, children & grandchildren of Sri Lankans News - Newswire
විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් සඳහා රුපියල් මිලියන 5ක් දක්වා සහනදායී නිවාස ණය ලබාදීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. එහිදී පළමු රුපියල් මිලියන 3 සඳහා සියයට 10කත්, ඉතිරි රුපියල් මිලියන 2 සඳහා සියයට 5කත් පොලී සහනාධාරයක් ලබාදීමට නියමිතය.
Carrick exits after United drop to 18th in Premier League table; he led them to three wins across all competitions. ..

Budget 2027: Salary increases and higher allowances for public sector employees News - Newswire
මෙරට දුම්රිය මාර්ග විදුලිකරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 80ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා කොටසට රුපියල් බිලියන 45ක්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන සිට රාගම දක්වා කොටසට රුපියල් බිලියන 16.4ක් සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට පානදුර දක්වා කොටසට රුපියල් බිලියන 10.7ක් වෙන් […]
2027 අයවැය ඉදිරිපත් කෙරුණු අද (12) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 124.47කින් ඉහළ ගොස් 22,157.40ක් ලෙස සටහන් විය. S&P SL20 දර්ශකය ද ඒකක 16.57කින් ඉහළ ගොස් 6,365.57ක් ලෙස සටහන් වූ අතර, දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.97ක් විය.
බිම්සවිය වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා 2027 අයවැයෙන් රුපියල් මිලියන 800ක මුදලක් වෙන්කර තිබේ. එමෙන්ම ඉඩම් ලේඛන නවීකරණය හා ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 140ක් වෙන් කිරීමට ද යෝජනා කර ඇත.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේදී ප්‍රධාන අයදුම්කරු හැර ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට සහ දෙවැනි හා තෙවැනි පරම්පරාවල දරුවන්ට අදාළ ගාස්තු අය නොකිරීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. ‘Global Sri Lankan Heritage Citizenship’ වැඩසටහන යටතේ මෙම සහනය ලබාදීමට නියමිතය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම, කුසලතා සහ රට සමඟ ඇති සබඳතා මෙරට සංවර්ධනයට යොදාගැනීම මෙම […]
2027 අයවැය යෝජනා අනුව පුද්ගලික ආදායම් බදු අය නොකරන මාසික ආදායම් සීමාව රුපියල් 150,000 සිට රුපියල් 162,500 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. ඒ අනුව වාර්ෂික බදු නිදහස් ආදායම් සීමාව රුපියල් මිලියන 1.8 සිට රුපියල් මිලියන 1.95 දක්වා ඉහළ යනු ඇත. නව බදු සංශෝධන යටතේ සියයට 6, 12, 18, 24, 30 සහ 36 ලෙස බදු […]
දරිද්‍රතාව තුරන් කිරීම, සාධාරණ සමාජයක් ගොඩනැඟීම, වංචා හා දූෂණය අවසන් කිරීම, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ මහජන විශ්වාසය යළි ගොඩනැඟීම 2027 අයවැයේ ප්‍රධාන අරමුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Budget 2027: Government plans to recruit another 110,000 public sector employees News - Newswire
සේවායෝජකයන් සහ සේවකයන් අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පවතින නීතිමය රාමුව සංශෝධනය කර නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. රාජ්‍ය දේපළ කළමනාකරණ පනතක් හඳුන්වාදීමට සහ ජාතික සංඛ්‍යාලේඛන පනත් කෙටුම්පතක් සකස් කිරීමට ද යෝජනා කර ඇත.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිගිරිය දේශීය ගුවන්තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමට 2027 අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන්කර තිබේ. එහි මගී පර්යන්තය ඇතුළු පහසුකම් නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු සේවා එකම ස්ථානයකින් ලබාගත හැකි වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජය යෝජනා කර තිබේ. වෙළෙඳාම, අපනයනය, රසායනාගාර පරීක්ෂණ සහ බලපත්‍ර ලබාදීම ඇතුළු සේවා එම මධ්‍යස්ථානය හරහා සැපයීමට නියමිතය. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය මොරටුව විශ්වවිද්‍යාලය මගින් සිදුකිරීමට යෝජනා කර ඇත.

Budget 2027: What are the key VAT changes? Full details News - Newswire
කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය 2027 වසරේ මුල් භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. කැලණි ගඟ මෝය ආශ්‍රිතව සිදුකෙරෙන වැඩිදුර අධ්‍යයනය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අරමුදල්වලින් රුපියල් මිලියන 300ක් අමතරව යෙදවීමට ද සැලසුම් කර තිබේ.