කොළඹ උතුරු වරාය සංවර්ධනයට ශක්‍යතා අධ්‍යයනයක්!
කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය 2027 වසරේ මුල් භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. කැලණි ගඟ මෝය ආශ්‍රිතව සිදුකෙරෙන වැඩිදුර අධ්‍යයනය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අරමුදල්වලින් රුපියල් මිලියන 300ක් අමතරව යෙදවීමට ද සැලසුම් කර තිබේ.




