
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සිය සංචාරය අවසන් කරමින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (10) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය. සිය සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. එම හමුව පෙරේදා (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී


















